ඔන්න ඉතින් අපේ senior අයියලා වගේම අපිත් මේ අවුරුද්දේ වැඩේ පටන් ගත්තා.අපේ අයියලා අපිට ඒ ගැන කියලා තිබුනට අපි කිසි කෙනෙකුට ඒ ගැන හරියට අදහසක් තිබුනෙ නෑ.අපිට CMS උගන්නන්න ආවෙත් UWU family එකට අළුතෙන්ම set වුන sir කෙනෙක්.අපිට නම් බයත් හිතුනා  සමහර වෙලාවට.මොකද ඉතින් අපේ අයියලා ගෙන් වත් අපිට sir ගැන දැන ගන්න නෑනේ.
                          ඔය කොහොමින් කොහොම හරි sir අදහසත් දාලා අපේ super seniorලගේ function එකත් ගෙනල්ලා අපිට පෙන්නුවා.එතකොට තමා අපිටත් තේරුනේ මේක කියන තරම් ලේසි වැඩක් නෙවේ කියලා.දැන් හැමෝම හිතනවා ඇති මේ මෙච්චර අමාරු වැඩේ මොකක්ද කියලා?මේ blog එකේ ඉතින් වෙන මොනවා ගැන ලියන්නද?මේ අපේ glamouro එක....GLAMOURO 2012....UWU family එකට අළුතෙන්ම එකතු වුන set එකේ මුල්ම වැඩේ.
                                   sir ටික ටික වැඩිපුර මේ ගැන කියද්දි අපේ කට්ටියටත් උණ හැදුනා.ඉස්සර වෙලාම කට්ටිය digree vice set වෙලා කරන්නෙ මොනවද කියලා කතා කළා.කට්ටියගේ ලොරි talk.fashion show,bridal show,short drama,dubbed video,singing,dancing......තවත් හැටහුට හමාරක් දේවල්.කොල්ලො ටික ඔහොම සෙට් වෙද්දි sir මේ සෝබන වැඩේට කොමිටියක් තෝරන්න ගත්තා.(ඒකට සුද්ද සිංහලෙන් කියන්නේ "සංවිOdයක කමිටුව" කියල ලු)ඕක ආරංචි වෙලා අපේ පාත්තයා ට.ආ.....ඔයාලා දන්නේ නෑනේ ඒ කවුද කියලා?පාත්තයා තමා අපේ මහ ගෙදර අයිතිකාරයා...අනේ,දැන් බලනවද මහ ගෙදර කියන්නේ කොහෙද කියලා?ඒ තමා අපේ සෙට් 1,එක එකාගේ දුක සැප බෙදා ගන්න set වෙන තැන.Coral Beauty එකේ room # 48..
                              ඔන්න ඔය කිව්ව sirගෙ කොමිටියට අපේ පාත්තයත් කොහොම හරි රිංගගෙන.(නිකන් එංගලන්තෙ රජකම ලැබුණා වගේ මේ දවස් ටිකේ ඌ ඉන්නේ.).නිකන් කොමිටියකටත් නෙවේ ඔළුව දාලා තියෙන්නේ.කෙලින්ම graphic,designing & IT එකට.ඇයි ඉතින් අපේ java කප්පිත්තා(මේ ඒකා හිතන් ඉන්න විදිහ.නැතුව ඇත්ත ක:dව නෙවේ.)ඉන්නකන් ඌට බය වෙන්න දෙයක් නෑනේ.ඒ තමා කැසිනෝ.(මේ බ්ලොගත් ඉතින් උගෙම තමා)
                             ඔය කිව්ව කොමිටිය තෝරන දවස් වල casino full busy.ඒක ලොකු වැඩක්.(ඔයාලට ඒක glamouro එක දවසටම බලා ගන්න පුළුවන්.)ඒත් පාත්තයා උස්සගෙන එන හැම වැඩක්මත් casinoගෙ කර උඩ.casino රෑ එළිවෙනකන් ඒ වැඩ‍ කරනකන් පාත්තයා කරන එකම වැඩේ මොකක්ද දන්නවද?හොදට ගොර ඇද ඇද 'ද'යන්නක් ගහලා බුදියනවා.එකෙක්ගෙ හම යනවා..තව එකක්ගෙ නම යනවා......පස්සෙ පාත්තයාටම දුක හිතිලද කොහෙද casinoව එක්කන් ගිහින් sirට meet කරා.දැන් casino,හරියට සහයක ඩැනී වගේ glamouro එකට උදව් කරනවා.(ඔය කිව්වට මමත් එහෙම තමා.)
                           දවසක් lectures එහෙම ඉවර වෙලා wash 1ක් දාලා කාලා මමත් ගියා මහ ගෙදර පැත්තේ ගිහින් එන්න.(මොකද ඉතින් මමත් මහ ගෙදර සාමාජිකයෙක්නේ.)අෆෙ අෆ්ෆෝ,මෙන්න බොලේ යනකොට අපේ casino,glamouro එකට FB page 1 හදනවා.මමත් ඉතින් ගිහින් ටිකක් වෙලා හොට දාගෙන හිටියා.පාත්තයාගේ roomත් හොදටම නිදි.(ඒකා තමා ඔත්තුකාරයා)හිටි හැටියෙම casinoට FB page 1ට wording 1ක් ඕන කිව්වා.අර මර නින්දේ හිටිය ඔත්තුකාරයා හීනෙන්ද කොහෙද කියපි " මිහිදුම් නිම්නයේ.........................මංගලHය" කියලා.අපි ඔක්කටම මල් හතයි.එහෙමයි FB page 1ට ඕක වැටුණේ.තවත් දෙයක් තියේ.ඔය දවසෙම casinoයි මමයි ක:d කර කර ඉන්නකොට මම නිකන් stage 1 ගැන idea 1ක් casinoට කිව්වා.මං පොර වගේ ඒක උට කිව්වට ඒක මගේ idea 1ක් නෙවේ.අපේ set එකේ තවත් කප්පිත්තෙක්ගේ.කලාත්මක ඇහැක් තියෙන පොරක්.සිරාවටම ඒක නම් කලාත්මක ඇහැක්ම තමා.(ඇහැක් කිව්වට උගේ ඇස් 2ම ටිකක් හොදට පේනවා.ඉතිරි ටිකට ඌ "ඇස්,කන්,නාඩි"දානවා)ඒ අපේ හැකා.
                                 ඔය කොහොමින් කොහොම හරි අපි සේරම sirට මාට්ටු.දැන් බලකායේ කට්ටිය ගොඩයි.අපිට ඕන විදිහේ wordings හැමදාම අපිට හීනෙන් පේන්නේ නැති හන්දා අපේ බලකායට අපි දක්I ලෙස දකුණතින් කඩුව හැසිරවිය හැකි කෙනෙක් හොයා ගත්තා.ඒ තමා alex.ඊට අමතරව හූනා,චිකා,
..................... යන අයව ඇතුලත් කරල අපි අපේ බලකාය නිර්මාණය කරා.දැන් ඉතින් වැඩ ටික කරගෙන යනවා.හිටපු ගමන් පිස්සුත් කෙලිනවා.සමහර වෙලාවට full time බුල.ඒත් වැඩ තියෙනකොට රෑ නොනිදා වැඩ.ඉස්සරහට තව හොද හොද දේවල් බලා ගන්න පුළුවන්.මොකද හොද හොද සෙල්ලම් එළි වෙන ජාමෙටනේ..............

(....අපේ set එක කියල මේක ලිව්වේ කවූද කියලා හොයන්න යන්න එපා.මොකද "පයිතො" ගොඩක් අස්සෙ ඉන්න එක මැට්ටෙක්ගෙ වැඩක් මේක....)

                                   
     
                            


                                     

7 Responses so far.

  1. mastviraj says:

    hemoma eka wage mahansi weyalla... eke dennek mahansi wela ba. bula kelina ayawath adagena wedeta ena 1 ubalageth uthu kama.

  2. Don Hesh says:

    gud job malliyo.... meka ubalage uni lif eke firstma event eka, talent show eka wage newe.. ogollange talents balanna edata mulu UWU family ekama enawa... ubalage ekamuthukamai, sanwidana shakthiyai hodata pennanna... Gud Luck!!!

  3. Unknown says:

    අපේ event 1කට අපේ batch 1කේ අයටත් වඩ මහන්සිවෙලා අපිට හරිමග කියාදෙන විරාජ් අයියාටත් ගොඩක් තෑන්ක්ස් මෙතන කොමෙන්ටුවක් දැම්මට.

  4. Unknown says:

    Heshan Siriwardhane - කොමෙන්ටුවට සහ උපදෙස් වලට ගොඩක් තෑන්ක්ස් අයියේ... ඔය උපදෙස් නිසා තමයි අපිට මේක සාර්තකව කරගෙන යන්න ලැබිලා තියෙන්න.

  5. Unknown says:

    බෝලේ - කතාව නම් පට්ටය සහෝ... bt මොකක්ද අර අන්තිමට දාපු මැටි කතාව ආ.. :P

  6. Anonymous says:

    eeka nam aththa, boolege talkz n ara t nathinam n8 gahanawa boru..

  7. what ever happened today I never forget these days

Leave a Reply