අපේ set 1 ගැන ලියලා තිබුන article 1ට හොද හොද කොමෙන්ටු ලැබිල තියෙනවා දැකලා මටත් නිකමට වගේ හිතුනා ඒකට කොමෙන්ටුවක් දාන්න.ඇත්තටම කියනවා නම් article 1 ලියපු කෙනා වගේම “සිරියා”වයි.ඒ උනාට අපේ set 1ට දැන් කට්ටිය අඩුයි.
            කිව්වා වගේම Glamouro 1 පටන් ගන්නකොට අපිට ඒ ගැන පොඩි හරි අදහසක් තිබුනේ නෑ.සර් ත් අළුතෙන් ආපු හන්දා වැඩේ පොඩ්ඩක් serious වුණා.ඒ උනාට වැඩේ quality 1 අඩු කරන්න කව්රුත් කැමති වුණේ නෑ.කට්ටිය plan කරල කරල අදහස් දුන්නට පස්සේ තමයි කට්ටියට campus එකේ address 1 මතක් වුණේ.ඒ කියන්නේ අපි ඉන්නේ බදුල්ලේ කියන එක.Colombo තරම් මෙහෙ facilities නැති හන්දා හැම වැඩකටම කලින් ඒ ගැන දෙපාරකට වඩා හිතන්න වුණා.
            කොහොම කොහොම හරි අර කියපු පාත්තයලා,casinoලා,හැකාලා,සිරියලා,චිකාලා,ඇලෙක්ස්ලා නිදි මරාගෙන වැඩ කරද්දි අපිත් ඉතින් side support එකක් දුන්නා.අපිට ඉතින් ඔය කොමිටි වැඩ බෑනේ.ඒ හන්දා එහෙම හොදයි.කට්ටිය ඉතින් නිදිමරාගෙන slashes එහෙම හදනකොට වෙන කව්රුහරි Glamouro King වෙලා ඒවා දාගෙන යනවා ඉවසන්න බැරුව අඬනවා.ඇයි ඉතිං මෙයාලා කාටවත් Glamouro King වෙන්න බෑනේ.ඒ වගේම මෙයාලා බුල ගහල ගහල රෑ නිදි මරාගෙන හදාගෙන යන එව්වා sir reject කළාම ආපහු එනකොට තියෙන මූණු බලන්න දුකේ බෑ.පව් කොල්ලො ටික.
            අපේ batch එකේ තව පොරක් ගැන කියන්න හිතුනා.අපේ set නැති වුණත් ඒ කෙනා ගැන කියන්න ඕන.ඒ තමා අපේ කපුවා.කපුවා කිව්වට මිනිහා තාම ගොඩ ගිහිනුත් නෑ.බල්ලට හැතැක්ම නෑ වගේ කොයි වෙලේ බැලුවත් අරෙහෙට මෙහෙට දුවනවා.වෙන නම් ඉතින් වැඩක් නෑ.ඇයි ඉතින් organizing committee 1ට ගියාම දුවන්න වෙනවනේ.ආ……අන්න ඒ organizing committee එක ගැනත් පොඩ්ඩක් කියන්න ඕන.දෙයියන්ගේ පිහිටෙන් අපේ sirට මෙහෙම නම් organizing committee 1ක් හම්බ වෙන්නේ නෑ.කට්ටියම හදවතින්ම ලාංකිකයි.ඒක නම් කියලා වැඩක් නෑ.නියම වෙලාවට වැඩ.33 කිව්වොත් ආය එක්කෙනෙක්වත් අඩු නෑ.කට්ටිය බරටම වැඩ.අනේ ඉතින් ඔය වැඩ වලින් හරි slash 1ක් වත් හම්බවෙලා අපේ කපුවත් ගොඩ ගියොත් කට්ටියම ගොඩ.
            ඔක්කොම රජවරු උනාම රටවැසියෝ කව්ද කිව්වා වගේ,අපි ඉතින් side support 1ක් දීලා බලන් ඉන්නවා.මොකද ඉතින් ඕක බලන්නත් කව්රු හරි ඉන්නත් එපෑය…..නේද..?

-hacka ge ruma-

3 Responses so far.

  1. Anonymous says:

    niyamai

  2. mage rooms "niro" da meka liuwe? supiri.kavi, nisades, liuwata man danan hitiye nane niro mewath liyanawa kiyala.

Leave a Reply